Insights & Ideas

ප්‍රේමයේ දර්ශනය

පර්සි බිෂ්  ෂෙලී විසිනි

උල්පත් මුසු වේ

ගංගා සමඟින්

ගංඟා මුසුවේ

සමුදුර සමඟින්,

සුරලොව මාරුත

මුසුවේ සැම කල

සොඳුරු හැඟුම් සමඟින්;

තනිව කිසිත් නැත මෙලොවේ;

දේව නියමයෙන්

සැම දෙය හමු වේ

මුසු වේ

එකම ජීවයක.

ඉදින් කිමද නොවන්නේ එලෙසින්

මා නුඹ සමඟින්?

බලනු මැනව

කඳු සිපගන්නා සැටි

උස් වූ දෙව් ලොව

වෙලෙනා සැටි

දිය රැළි උනුනුන්;

කමාවක් නොමැත

කිසුදු කුසුමකට

අවමන් කලහොත්

සොයුරු කුසුමකට;

ඉදින් හිරු එළිය

වෙලා ගනියි මහ පොළව

සඳ කිරණ

සිප ගනියි සාගරය;

මේ සොඳුරු කෙරුම් වල අගය කිම

සිප නොගන්නේ නම්

මාව නුඹ?

පරිවර්තනය: කංචුකා ධර්මසිරි

Love’s Philosophy

Percy Bysshe Shelley

The fountains mingle with the river 

   And the rivers with the ocean, 

The winds of heaven mix for ever 

   With a sweet emotion; 

Nothing in the world is single; 

   All things by a law divine 

In one spirit meet and mingle. 

   Why not I with thine?— 

See the mountains kiss high heaven 

   And the waves clasp one another; 

No sister-flower would be forgiven 

   If it disdained its brother; 

And the sunlight clasps the earth 

   And the moonbeams kiss the sea: 

What is all this sweet work worth 

   If thou kiss not me? 

Comments

Leave a comment